ග‍මවල සැම තැන  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ජසයා සහ ලෙංචිනා (දයානන්ද ගුණවර්ධන)
ගායනය - ජයලත් මනෝරත්න


ගම්වල සැම තැන ඇවිද ගොසීන්නේ
වෙල්ලාවට රෙදි අසුරා ගාන්නේ//
සොඳ සොඳ පිරුවට වීයන් බඳීන්නේ
පේඩිහමාවද සාබේ නටාන්නේ//

මේ රට සිටිනා මහතුඟ අණටා

ආමි වියන් බඳිනා ලෙස මෙරටා//
පේඩිහමා කියමින් කෙළිකවටා
තෑඟි දෙතෝත් නටනෙමි සොඳ රුවටා//

නාද අසා සිට බෙර නද ඝෝසා

ආද පාද තබමින් නෙක විලසා//
බේද නොවී සබයේ සිතු විලසා
පේඩි රාළ නටතිය සබෙ සතොසා//

ගම්භිර කාලිංග නුවර නිරිඳුගෙ වාසල තුල යට

ඉන්න දනා සේම රජුට සෝදා පටපිළී සොඳට//
ඉන් නරනා තැබු මට නම පේඩි විදානේ සත්තට
මම් මෙතනට ආමි වියන් බඳිනට නරනිඳු එන විට//

ගම්භිර මහ නිරිඳු සමග උතුමන් වැඩමවන බැවින

සුන්දර උඩු වියන් ධවල වටතිර පාවාඩ එලන//
මෙන් වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින
පෙම්බර මගෙ පියඹ සහය නැත මට ආගිය කිසිතැන////

http://app.box.com/s/hgv2yzjqpu2rapev20ur

මතක සටහන්