බොල බූරු පුතේ  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - දෙව්ලොව යනකන් (ආනන්ද එස් විජයසිරි)
ගායනය - ටයිටස් සී පෙරේරා,පුණ්‍යා කත්‍රිආරච්චි

අපි යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්//

නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා//
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා//

රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්//
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා//

තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා//
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා//

යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්///

This entry was posted on Tuesday, January 03, 2012 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

වැඩේනම් නියමයි...ජය වේවා !!

Post a Comment

මතක සටහන්