අන්දකාරෙන් දුරාතීතේ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍යය - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය-විජේරත්න වරකාගොඩ,හෙන්රි ජයසේන


අන්දකාරෙන් දුරාතීතේ අන්දකාරෙට අනාගතයේ
රැගෙනයාමට කතා පුවතක් අන්දකාරේ සිට
කියන්නේ

බොහෝ දේ සිදුවූ අතීතේ වැළලිලා ඇත අන්දකාරේ
පොළෝ පස් යට උනුන් කඳුලැලි ලෙයත් දහදිය එකට මුසුවී

පොළෝ තලයෙන් වැසුනු බිජුවට නැගී එන සේ දිනෙක පසුකල
අතීතේ සැඟවුනු කඳුලු බිඳු ලෙයත්
දහදිය මද සිනා රැළි
අන්දකාරෙන් දුරාතීතේ නැගී යලි එක්වේය අප හා
අපේ කඳුලැලි ලෙයත් දහදිය සමග මුසුවී ලෝ දහම සේ



අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය
අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබි
කම්කරන්නී

සදා ඇය අප හා සිටින්නී දොරින් දොර සැම තැන වෙසෙන්නී
එදා හෙලු කඳුලුත් රුහිරු බිඳු සදා අප වෙනු
වෙන් හෙලන්නී

සදාකාලෙම ලොව පහල වූ සදාකාලෙම ලොව පහල වන
කුවේනියමයි එකම ගැහැණිය එදා උපනත් අද උපන්නත්

ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද
හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය න
ම් ලබන්නේ

මතක සටහන්