සිහිවේ නිතරම  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - දිවැස හෙලනු මැන (රෝලන්ඩ් ප්‍රනාන්දු)
ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්


සිහිවේ නිතරම සුකුමල දි
ගැසිය
ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත
නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රියකත
බහ දෙනු මැන මට පෙම්බර යුවතිය

ආල වඩන රස කතා කියන්නේ
මගේ සවන ඒ කතා අසන්නේ
සොම්නස මගෙ සිත එක්තැන් වන්නේ
සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ

අසනුය මගෙ බස සවන් යොමාගෙන
පවසමි හදෙ තෙරපෙන දුක් දොම්නස
ඔබ වෙනුවෙන් වෙන්වී ඇත හදවත
පවසනු මැන මා ගැන ඔබෙ අදහස

සිහින විමානයෙ සිහින දකින්නයි
කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
මා පැතු මගෙ කුමරා හා යන්න
යි
මගේ පැතුම ඒ කුමරු ලබන්නයි

මතක සටහන්