නාට්‍යය - රජ ගහේ නාඩගම (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
[කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිටමොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//
කන්න දෙනව නං...

නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්‍සිංහල)
'සූර විරුවනි අසව්'
'ගෘහ මූලිකයෙනි අසව්'[පුරුෂ භාවයයි අපේ ආයුධේ
ඔබ නිදා වැටුනොතින්
හොරු ගනී ආයුධේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ]//
[පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තනන්න
වීදුරු නළවල සිරවී බැරිවෙතේ]//
[නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේසයෙන් නැගෙව්
යමව් අම්ඹරේ]//
[ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ]//
[මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
නැතේ අනාගතේ]//
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිංහල)
බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//
[පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ]//
සිර මැදිරිය ඇරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ//
ඉගිල යන්න ඇයි බැරී//
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ//
[කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා]//විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිල යන් තාරාවා//
බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//
බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//
[දිය පීනා එයි තාරාවා..
ඉගිලී පල කලු තාරාවා..]/////
බෑ බෑ බෑ බෑ බෑ

නාට්‍යය - දිවැස හෙලනු මැන (රෝලන්ඩ් ප්‍රනාන්දු)
ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්
සුරනිඳුනේ මා සිත බැඳි
සොඳුරු යොවුන් හද මා වෙත
නොකැලැල් සෙනෙහස නොමදව
ලබා දෙනු මැනේ//
නරනට අධිපතී සුරින්ඳේ
දිවනෙත් විදහා බලනු මැන
මේ පියකරු වූ ලඳ මටලබා දෙනු මැනේ
ඒ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ
මවෙත දයා කරුණා බල
සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා
ලබා දෙනු මැනේ//
විසල් ලොවට නෙත් විහිදා
සැම දුක් බිඳලූ සුරිඳුනි
නොපමාවම මේ ලඳ මට
ලබා දෙනු මැනේ
නොපමාවම ඒ ලඳ මටලබා දෙනු මැනේ

නාට්‍යය - තලමල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - එඩ්වඩ් ජයකොඩි, ලක්ෂ්මන් විජේසේකර
සුමුදු නිදි කුමරී..උපන් කළු සිහිනයේ..
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන්
සිප වැලඳ ගන්නී..
ජීවිතේ නැවතුම්පළේ හිඳ
විදා මායා සිහිල් සලුපිලි
කරන්නී ඇරයුම් උන් හට
රඟන්නට නෙතු පියා..
නැගෙන්නට දුර ඈත අහස
බොල් පොළොව මත තැබූ පා ඔසවා..
කාගෙදෝ ශාපයෙන් උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු.. නොබියව එය විඳිවු
රජෙකු සේ..කුමරෙකු සේ..//
පියකරුයි රෑ රුපුමනේ ලෝ
වැසේ..බොඳවේ.. සැඟවේ..
ඉකිබිඳී..පරිසරේ..
ඒ හඬ වනපෙතේ මිය ඇදුනේ
රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඉසිවරුනේ..
මෞලි මංගල්ලයට සැරසෙවු..රුවැති නිදි කුමරියගේ..

නාට්‍යය - පරාස්ස (විමලරත්න අධිකාරි)
ගායනය - සෝමපාල පතිරගේ
[සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ
සිට නා නා දේසේ පරසිද්ද වූ]//නාටක කෝලම් රංග මෙ දක්වම්////
සිද්ද වෙච්ච පෙර පුරාණෙ
ගම්බද පුවතක් අරගෙන
සුද්ද සබාවට ඇවිදින්
කියාදෙන්න දෙනු අවසර
කලකට පෙර ගමේ තිබුනු
කොයි කාටත් මතකතියෙන
කෝලම් රැඟුමෙන් පෙන්වන
නාටකයට සවන් යොමන
සිරිලංකපුරේ මේ..
තොසා වඩන ගම ලඳ සමඟින් පෙර
කාලෙ ගෙවන ගැමියෙක් උන්නාඈත පුරාණේ සිට දෙන්නා දරු
මල්ලෝ නැතිව සිටියේ දුකිනා
තමා වරද කාගේද නොදන්නා
දෙමහල්ලෝ නිති රණ්ඩු කරන්නා
පමා උනත් ගමයා ගෙට එන්නා
සමා බසක් වත් නොම අදහන්නා
සිරිලංකපුරේ මේ..

නාට්‍යය - දිවැස හෙලනු මැන (රෝලන්ඩ් ප්‍රනාන්දු)
ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්
[සිනිඳු සේල ගත පොරවා
රන් අබරණ ගෙල පළඳා]//
සුර ලෝකෙන් කැන්ඳන් ආ
ලඳක් වගෙයි
ඈ සුර දුවක් වගෙයි
ඈ... සුර දුවක් වගෙයි..
නීල නුවන් යුග රැඳිඅනුරාග බැල්ම ආලවඩන
අහස් තලෙන් බිමට වඩින
දේව කුමරියේ
සිහින රැජිනියේ
සිනිඳු සේල..
රන තිසරුන් ලමැද ඉපිදපියාසලයි මන්මත් කර
මට දිස්වන ඇගේ දසුන
කෙසේ වනන්නේ..අගය කරන්නේ..
සිනිඳු සේල..
