බෙරපදේ තාල  

Posted by: Sinhala Noorthi in ,
25
Feb

නා‍ට්‍ය‍ය‍ - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න, ..

බෙරපදේ තාල මත්තට නෑසේද

සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈත
ට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කල

සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආප
සු එන්ට



ගොවියාගේ ගීතය  

Posted by: Sinhala Noorthi in
25
Feb

නා‍ට්‍ය‍ය‍ - කනේරු මල් (ජයලත් මනෝරත්න)


අපි ගොවියෝ වෙමූ..
.//
අපි ගොවියෝ.. වෙමූ...//
නම්බුකාර පොරනේ සිට පැවතෙන
අතීතයේ රජ ගොවිවරු
එයින් මතුව ගොවි රජවරු
කොපමන ගරු ගාම්භීර නාමයක්ද
ගොවියෝ...
දැන් නම් නිකම්ම ගො‍යි‍යෝ‍
අපි ගැති ගොවියෝ

පිදුරු ඉවත් කරනා ගැති ගොවියෝ
අපි ගැති ගොවියෝ
බැත ගොඩ උන්ටම පුද කරනා
මඩ සේදූ කල රජ වනු නිසැකය..
ගොවියෝ..ගොවියෝ
..
එහෙත් කවුරු සෝදන්නෙද අප මඩ
වතුර පොදක් දෙන්නේ උන් කවුරුද
මඩ සේදීමට නොව වතුර පොදක් ඉල්ලන්නේ
තොලකට පොඟවන්නයි පොඩි උන්ගේ
යල මහ වපුරන්නයි රිසි සේ

යළි වහ නොම බොන්නයි කරුමය සේ//

මතක සටහන්