නාට්‍යය - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ලක්ෂ්මන් විජේසේකර,ප්‍රදීපා ධර්මදාස
එක මග යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
උහුලනු බෑ පාළුයී
කෝ..ඕ..ඕ..ලඳුන්//
ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
විමසයි මගේ ජාතිය රළු බසින් රළු බසින්
ලල්ලල්ලල්ලල් ලලල්ලලා..////
පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදවතේ
අළුයම සිහිලැල් .. කඳුලින්
නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්

නාට්‍යය - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස
එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති සුවිසල් ගතෙක වූ මග අසා.. කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
සියපතින් සැරසී.. සුනිල .. අසල නතරව
ගිම් නිවා..
පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනද..
එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති ඒ විසල් වූ පොතේමොහුගෙ රූපය තිබුනා..
එසේ නම් මේ කෞතුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේමහා වනගැබේ මගේ දිවි සිහිනේසැබෑ වේ

නාට්‍යය - අඹුසැමියෝ (ඩග්‍ලස් සිරිවර්‍ධන)
ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්
දිගැස් කොනින් බැලුම් හෙලන
පිරුනු දෙකම්මුල් බබලනපිරුනු වටොර දඟ යුග මෙන
ලඳක් දිනෙක මට හමුවුන
දිගැස් කොනින්..
වලාකුලේ එහා සිටන්ඔබ මෙලොවට වරෙන් ලියේ
කලාමැදිරි එළි දල්වා
හඳ පානේ වරෙන් ලියේ
ගලා බසින ගඟුලැල්ලේ
පෙන බුබුලක වරෙන් ලියේ
බලා ඉඳිමි ඔබ එනතුරු
මලානිකව හැඟුම් ලයේ
[සුදු සේලය ඇඳ බඳ වට
වලාකුලක නැගිලා
එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා]//
[එයි මා වෙත හඳපානේමගෙ ලඳ මා සොයලා]///
නාට්‍යය - මහගිරිදඹ (ජයලත් මනෝරත්න)
ගායනය - සන්ධ්‍යා දීපානි,ජයශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න
අපි සේරම එක අවන්හලක නැවතී//
අපේ සිතුම් මල් සිහින පැතුම් මල්//
[මිරිකාගෙන මධු බඳුනේ
තොල ගාමින් අඩ අඳුරේ]//
ගහ බැනගෙන රොස පරුසෙන
තලා පෙලා පාගාගෙන
ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා///
[අප යන මග ගිනි අව්වේ
හිරි පොද පිනි වැහියල්ලේ]//
[සමනල සුරංගනා ලෝකේ
අරුණළු ප්‍රභාත දේදුන්නේ]//
[ගමනේ කෙලවර දුටුවේ කවුරුද
මහගිරිදඹ තරණය කලෙ කවුරුද]//
සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
සමනල තටු ගිලිහී
යන මග කෙලවරවී
සිහිනය මිය යනවාඅපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා////

නාට්‍යය - මධුර ජවනිකා (දයානන්ද ගුණවර්ධන)
ගායනය - ජැක්සන් ඇන්තනී, අනුලා බුලත්සිංහල
(එච්.ඒ.පියදාසගේ කවි කොලය ඇසුරෙනි)
පළමුව මම වැන්ඳ බුදුන් සිහිකරගෙන ඒ ගුණ කඳ
දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර මෙන්න වැන්ඳ
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ සුරන්ට පින් දී සොඳ
කියනව අපි නෛයිනගෙ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ
සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි ඉංග්‍රිස් රජුන්ට
කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු හම්බ හෙට්ටි හැත්ත පිරුන කොළොම්පුරට
ඔවුන් අතර හිටිය නෛයිනා තම්බි කියල කෙනෙක් ජයට
සොඳින් මසන් ගස් හන්දියෙ නෛයින උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්‍ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්න බෑ අල්ලන්නට ආණ්ඩුවත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උන්න කොතලාවල කියල සොඳට
සිතලා වැඩ කරන එතුම ජෝන් නමින් පුරසිද්දෙට
ලැබිලා ගුරු තනතුරකුත් පසුව ගියා රේල්ලුවට
එකලා ඔහු කල දස්කම් කියනව මං පෙළින් පෙළට
අල්ලස් දී පොලීසියට කොස්ගස් හන්දියේ ජයට
නෛයින තම්බි සූදු කෙළිය කාටත් බෑ අල්ලන්නට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
සාජන් මේජර් කෙරුවා කොටහේනේ පොලීසියට
එක්ක ගොසින් පොලිස් භටයො දොළොස් දෙනෙක් මරදානට
ඉක්මන් කර කම්බ සරොං පට ලේන්සු දී අඳින්ට
සල්ලි දීල ඔවුන් අතට යන්ට කිව්ව සූදූ පොළට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට
ඇඳගෙන සුදු වේට්ටියක් ජටාවකුත් බැඳ හිස වට
ගාගෙන තුන්නූරු ටිකක් දෙමළ හෙට්ටියෙක් විලසට
අරගත්තා බෑග් එකක් නෝට්ටු කොළ දැම්ම ඊට
නැගගත්තා රික්ශෝවක අපෙ මැතිඳා යයි විගහට
දකිමින් මේ හෙට්ටි අයිය නෛයින සලං දම්ම හොඳට
එන්න කාරියම් වන්දදු සන්ගෙදි සොල්ලුම් ගෝමට
ආවන්ගදු විලයාට්ටු සුපන්කාර ඔන්ග කිත්ත
ඔන්න ඉතින් වා වා කියල එක්ක ගියා ගේ ඇතුලට
තට්ටු හතක් නැග්ග කලට නෛයිනගෙ ඒ සූදු පොළට
ගොනෙක් වගේ එළුවෙක් විත් පැන්නයි මැතිඳුට අනින්න
බාසෙන් කිව්වා නෛයිනා එළුව ගියා දුන්නු අණට
දැනගෙන මෙ රහස් සියලු මැතිඳා යයි ඔට්ටු පොළට
බලන්න පුදුමයි මහතුනි නෛයිනගෙ ඒ සූදු පිටිය
එතන්ට චණ්ඩියා තමයි සේදවත්තෙ ජෝන් ගොයිය
දිනන්ට අත ගත්තු ගමන් මැතිඳුට ඔහු ඔරව හිටිය
කොහෙන් ආපු දෙමළෙක් දැයි කියල ජෝන් නැගිට සිටිය
කුට්ටම හා සල්ලි මුදල් අරගෙන මැතිඳා එමවිට
ඇතුන් මැදට වන් කෙසරෙක් සිංහ නාද කරන ලෙසට
දැනගල්ලා මෙතන ඉන්නෙ කොතලාවල කිව්ව කලට
තනියෙන්මයි අල්ලගත්තෙ විස්සක් අත්අඩංගුවට
පැන්න කලට චණ්ඩි ජෝන් පිහියක් අරගෙන අනින්ට
දුන්න මැතිඳ පයින් එකක් බිව් රන් කිරි කටින් එන්ට
ඉන්න හිටින්නත් බැරි වුනි මල මුත්තර පිටවු කලට
ඔන්න එවිට ආව එළුව පැනගෙන මැතිඳුට අනින්ට
කාගෙන් බේරුනත් බැරිය එළුවාගෙන් මාරු වෙන්ට
වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
උඹද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට
ඉතින් අම්මෙ ඉදල මොටද කියල නෛයිනා පැන විජහට
අති පයින් නෙමෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට
ගනින් මේක කිව්ව නමුත් පත්තු නොවුනි මැතිඳු පිනට
මුනින් වැටුනි නෛයින තම්‍බි මැතිඳ දුන්න මරු පහරට
නෛයිනට රුපියල් දාහයි දහය බැඟින් අනික් අයට
ගෙව්‍වයි දඩ බොහෝ දෙනෙක් බැරිවුනි තව හත්දෙනෙකුට
හැත්තෑවක් ගෙවල මැතිඳ ගත්ත ඔවුන් හැම එළියට
ඇත්තයි අපි මල් පුදන්ට ඕනැ ඔහොම වීරයින්ට
එක්ක ඇවිත් ඒ හත්දෙන කෙහෙල් වත්තෙ පිට්ටනියට
පියෙක් ලෙසට ඔවදන් දී දුසිරිතයෙන් වළකින්නට
දෙකක් පාර බැගින් දුන්නෙ මිතුරනි එය මතක් වෙන්ට
කොතෙක් රිදුන නමුත් ඔවුන් මැතිඳුට වැඳ ගියයි යන්ට
එතුමා කල දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියා නම් අද වෙනතුරු වැඩ කරනව ලංකාවට
එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට

නාට්‍යය - නලදමයන්‍ති (මුද්‍රා නාට්‍යය) (චිත්‍රසේන-වජිරා)
ගායනය - පණ්‍ඩිත් අමරදේවයන්
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුලං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේඈත කඳුකර හිමව් අරණේ..
සඳැල්ලේ මිනි තලාවේ
තාරකා පිපි වෙලාවේසඳැල්ලේ මිනි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ
ඈත කඳුකර හිමව් අරණේ..
රනින් කල වන් පුලුල් උරයෙන්//
හසුන් ලමැදේ මුසකරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ
ඈත කඳුකර හිමව් අරණේ..
නාට්‍යය - මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
තනෙන තනෙන තනෙන තනා
තෙයි තනෙ තෙයි තනෙ තෙයි තනෙ තනා
තනෙන තනා තෙයි තනෙ තනා//
තානත් තෙයි තනනත්තෙයි තම්ද නාතනෙනානා
එළිය දකින විට නොයෙනා
අඳුරෙහි එළියට පනිනා
හිරු නොඑනා ලොව වසනා//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ//
වහළ දිගේ දිව යනවා
කහළ ගොඩේ සැතපෙනවා
කුණු දිරනා රස බොජුනා//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ //
පූසරයා පනින දිනා
ජීවිතයක් නැතුව යනා
ඔහු නොඑනා තැන කොතැනා//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ //
තනෙන තනෙන..
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - අනුලා බුලත්සිංහල
තට්ටු කරන්න හෙමින්//
මගේ විමානේ..දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින්//
දෙපා තබන්න හෙමින්//
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින්//
මා වෙත එන්න පෙමින්//
මගෙ මී බඳුනේ....රස ඔබටයි
මා වෙත එන්න පෙමින්///

නාට්‍යය - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - එඩ්වඩ් ජයකොඩි
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ//
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
යයි මැකී යයි මැකී යයි මැකී ලකේ
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ තුමා වෙතේ//
ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//
දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//දන්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
නාට්‍යය - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - කෝලිත භානු දිසානායක
[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//
කොයිබ වෙන්නේ දෝදැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ
[පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවර රැඳි සෙබලු පෙනේයා]//නොම පෙනේ රජුගෙ ශාලා
[අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා]//
[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//
[මාලිග මාලිග .. පෙනේයාමුරගේ වාසල වහලා]//[අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා]//
[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගාකොයිබ වෙන්නේ දෝ///

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - කෝලිත භානු දිසානායක
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
උම්මාද වෙන්නා සිතමූන බලා වාසනා//
අහො පා වහගනීද මේ මා
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
අත්පාද වාත්තු කල සේම ඉතා ලස්සනයි//
ලෙස රූපේකි රනින් සෑදූ
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ
පත්‍මේකි පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මෙ කාලේ

නාට්‍යය - හුණු වටයේ කතාව ( හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන
වැල් පාලමේ ගීතය
හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේදෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
නාට්‍යය - නරි බෑනා( දයානන්‍ද ගුනවර්ධන)
සමූහ ගායනා
ඇහැළ මලින් ගස් පිරිලා
බලන්න හරි ලස්සනයීඅඹ රඹුටන් ජම්බු ඉදිල
අද හැමතැන හරි හැඩයි
ඇහැළ මලින්..
දොඹ ගස් යට මල් හැලිලා
සුවඳක් හැමතැන දැනෙයි
වළිකුකුළන් හඬලන විට
අහන් ඉන්න හරි හිතයි
ඇහැළ මලින්..
ගස්වල දළු සෙලවෙනකොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයින්
අල්ලන්නට බැරි හැඩයි
නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්‍නි වර්‍ණකුල,යූ. ආරියවිමල්
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
සෝබාව දේ...
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝබාව දේ..
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේසෝබාව දේ.. //