නාට්‍යය - දිවැස හෙලනු මැන (රෝලන්ඩ් ප්‍රනාන්දු)
ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්
සිහිවේ නිතරම සුකුමල දිගැසිය
ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත
නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රියකත
බහ දෙනු මැන මට පෙම්බර යුවතිය
ආල වඩන රස කතා කියන්නේ
මගේ සවන ඒ කතා අසන්නේ
සොම්නස මගෙ සිත එක්තැන් වන්නේ
සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ
අසනුය මගෙ බස සවන් යොමාගෙන
පවසමි හදෙ තෙරපෙන දුක් දොම්නස
ඔබ වෙනුවෙන් වෙන්වී ඇත හදවත
පවසනු මැන මා ගැන ඔබෙ අදහස
සිහින විමානයෙ සිහින දකින්නයි
කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි
මා පැතු මගෙ කුමරා හා යන්නයිමගේ පැතුම ඒ කුමරු ලබන්නයි

නාට්‍යය - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස
සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
යුගයෙන් යුගයට පියමන් කරමින්සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
තරු ලකුණක් සොයමින් යන්වාකවුරුද එන්නේ/////

නාට්‍යය - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න
සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බලන්සෙව්
යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
පවර පුරවරෙක් වී මාතොටැයි දෙව්පුරෙක් වන්
සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
සඝ පවග සැපත් දුන් දම් රදුන් දම් සඝුන් සෙව්
පෙර මැදග වනින් මේ තුන් ගෙනේ මුල් කෙමෙන් නම්
පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක්වන්
ඕ....ඕ.....ඕ......
නන් කම් යුත් නිලුපුල් දමින් හෙලැඹුලෙන්
රත් නෙලුම් දමින් හෙල් මැල්ලෙන්
සපු මල් දමින් සුමන පැන් පෙලින් පේ කඩින්
ඕඕඕඕඕ........///
සිව්රැස් සිව්දිග සිව්දොරින්
රියතුරින් රන් රිදීකමින්
සිව්කොන් දුහුලින් සුලාක්කනින්
රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්
සාදා රන් කුඹූ බොල් මලින්
සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
සිත් කල් දෙව් විම දෙව් සරා
ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්
සව් සත් දුක් මුහුදෙන් නගාලනනැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්

නාට්‍යය - පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න)
ගායනය - ලක්ෂ්මන් විජේසේකර,සම්පත් තෙන්නකෝන්
පීර පෙන බුබුලු සිනා සිසී
සිහිල් මද පවන මා සතපයි
[බලාපොරොත්තුවෙ සරුංගලේ
පාවී පාවී යයි]//
[මහ රෑ////
ඔබේ ලොවට සිහිනය ලංවී]//
මහ රෑ///කළුවර සලු පැළඳූ
හිම වැටෙනා මහ රාත්‍රියේ
කිරි සුවඳක් දැවටී
බිළිඳුන් දෙදෙනෙක් ගුලිවී
'' ඒ වුශී දන්නවද වැඩක්''
ඒ බිළිඳුන් දෙදෙනාවයසින් අවුරුදු විසි ගනනක්
ලාලල ලාලාලා..///
මොකද මුරණ්ඩු වීලා සහෝදරයා//
නරක ලමයෙකු වීලා නීති කඩලා
එකම අයියගෙ හිත රිදවන්නේසහෝදරයා///

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න
රස බොජුනක් නැතත් තුන් වේලට කන්ට
සුව යහනක් නැතත් සැපසේ ඇලවෙන්ට
දරු පැටියත් එක්ක එකතැන්වී ඉන්ට
ඉඩ ලැබුනොත් මදිද හිමියනි නවතින්ට
දුක උනත් විඳිනකොට එක දිගටෝම
උඹ උනත් යන්ට යයි මට නොකියාම
ගොවිතැනක් බතක් කර සිටියොත් මේම
හොඳ කලක් ලබන්නේ කවදද කෝම
ඉර නැතොත් බැරිය වනමල් පූදින්ට
සඳ නැතොත් බැරිය කළුවර වළකන්ට
මල නැතොත් බැරිය බඹරුට පැණි බොන්ට
හිමි නැතොත් බැරිය වාවාගෙන ඉන්ට
අලියගේ තරම ඌ දන්නේ නෑලූබොර දියේ නැතිය වරදින්නේ මාලූ
අතමිටේ කිසිත් නැති දවසට යාලූ
ආදරේ උනත් පිටමන් වෙනවාලූ
අතිරහ උනත් නීරසයි වැඩියෙන් කෑම
ගඟ දිය උනත් නපුරුයි වැඩියෙන් ඒම
උණු දිය උනත් අගුණයි වැඩියෙන් නෑම
කහවනු උනත් නරකයි ලඟ තිබුනාම
ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ
උඹේ කට තමයි මට ඉස්සර වෙන්නේ
ලැබේ නම් අණක් මහරජ්ජුරුවන්නේතඹේකට නොසලකා කොහොමද ඉන්නේ

නාට්‍යය -ගුරු තරුව(ජයලත් මනෝරත්න)
ගායනය - රොඩ්නි වර්ණකුල
සුන්දර මෙරඟ සොබාවන්
සොඳ සුන්දර මෙරඟ සොබාවන්
නෙක බලනට තොසිනා මෙහි අද පැමිනා
පිලිගමු සුදනෙනි බැතිනා
අපි පිලිගමු සුදනෙනි බැතිනා
නෙක ගී කව් විඳිනා කව්නළු නොමදාඔබ අප සැම අත්විඳිනා
නව පුවතකි මෙහි අද රඟනා
[අපි පොළොවෙන් ඉහලට අඩි තුන හතරක
ඉන්නාවිට සැරසීලා]//[ඔතැනට නොපෙනෙන සොඳ
මනහර දසුනකි නිබඳව මෙතැනට පෙනෙනා]//

නාට්‍යය - වෙස්සන්තර
ගායනය - ජයලත් මනෝරත්න,මැණිකෙ අත්තනායක
ගිරිකුල මුදුනේ හිඳ පාමුල වැඳ
වැටී සිටින වැසි දන දෙස බලමින්
දසරජ දම් මා කෙලෙස රකින්නද
පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
අප වැසියන්ගේ මව්පිය දෙදෙනා
ඔබ කුස හොත් අප දරු දෙදෙනා සේ
වැසියොද වෙති අප දෙදෙනගෙ දරුවෝ
උන්ගේ සිත් තුල ඇති දුක දැකලා
මිස කෙලෙසද උන් සෙත සලසන්නේ
උන්ගේ අයැදීමට කන්දී මිස
කෙලෙසද දෝහල පසිඳාලන්නේ
දරුවන් සේ උන් ඇකයට ගෙන මුත්
කෙලෙසද සනසන්නේ වැළපෙනවිට
පෙම්බර දේවිය ඔබ හා මම වෙමුඅප වැසියන්ගේ මව්පිය දෙදෙනා
ගුණයුත් සමිඳුනි ඔබ පවසන මේ
උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ හද
මේසා නැණසර වදන් අමාවන්ඇසු විරුවෝ වෙන ඇත්ද මෙදියකුස
ඔබ වැනි නිරිඳුන් මෙත් කුලූනින් යුත්
රුපු විරුවෝ වෙන සිටිත්ද මෙලොවේ
මුදුනින් පිලිගන්නෙම් ඔබ කීවා
[දසරජ දහමේ නිවැරදි පදරුත්
පහදා දෙනු ලෝසත වෙත මෙත පා]////
