Posted
by: Sinhala Noorthi
නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - වික්ටර් වික්‍රමගේ
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//
සනසාපන් මෙමාව කල් නෑර පින්සාර රන් ලන්ඳේ//
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
සිඹගන්ට තිගෙ මූණ දෙනවා නම් බෝම පින් අත්වේ//
මාගේ මනාපේ ප්‍රසීද්දේ මං කීවෙමි ලන්ඳේ//
මං කීවෙමි ලන්ඳේ
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
පොඩි දන්ත මුතු සේම දිළිසේ කල්‍යාණ ලන්ඳාගේ//
පෑවූ ආකාසේ චන්ද්‍රා සේ දිස්නේ වත තීගේ//
දිස්නේ වත තීගේ
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිමල් ජයසිංහ
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා බෝ මාදං ඇත්තෙ මේ ගසේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්////
නාට්‍යය - සිරිසඟබෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//
අත්වී තීබේ///
ආ.... අත්වී තිබේ
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ
හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//
මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ///
නාට්‍යය - සිරිසඟබෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ, වික්ටර් වික්‍රමගේ
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ //
භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
සෘධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ
මානෙල් නෙලුම් හා ඕලූ පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනතී බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ///