බ‍ලා‍ පෙර මග  

Posted by: Sinhala Noorthi in , ,
31
Aug

නා‍ට්‍ය‍ය‍ - ලෝමහංස (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


බලා පෙර මග උනිමි සමිඳුනි
යහනෙ තනිවී පෙළී වියොවින්
මුහුණ දැක යලි වීමි ඔද වැඩි
කිරි සයුර සේ දුපු තුසර කර
වීද වැඩ ගිය ගමන සිතුලෙද
නිරෝසුව හැකිවේද විඳිනට

සතුරු සෙන් මැඩ යුධ වැදේ තදේ
නොහිඳ ආයෙමි පියබඳේ ශ්‍රිදේ
දකිනුවස් නුඹෙ වතසඳේ සොඳේ
එදුක වාවනු කොයි ලෙදේ දේ
විඳි නුරා රස සිහිවුනේ මෙනේ
වී අම අදර එදිනේ නොමිනේ
නොරැඳි එදෙසේ පැමුනුණේ සැනේ
වෙත පුරුදු ලඳ පතමිනේ සෙනේ



පිළිගන්ටා බෑ  

Posted by: Sinhala Noorthi in , , ,
31
Aug


නා‍ට්‍ය‍ය‍ - පද්මාවතී (චාල්ස් ඩයස්)
ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්,මැණිකෙ අත්තනායක


පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//
දුටුවෝ..තින් වේවි ආ..ලේ//
ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ//
පිළිගන්ටා බෑ ඒ කීම
යන්ටා යමී//

මෙවූ සරූ..පේ කාගෙ තිබේ..දෝ

බොරූද.. දොඩන්නේ මොහූ..//

මෑ පද්මාවතීගේ පයේ දූලි සේවේ//
එම දේවී ඔබටා වටී//
නොවනු? මාගෙ කල්පනාව කියමි අනුව දැන්//

පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//



ඇ‍ඳු‍රු‍තු‍මා‍  

Posted by: Sinhala Noorthi in
31
Aug

නා‍ට්‍ය‍ය‍ - ප්‍රේමතී ජායතී සෝකෝ (මහාචාර්‍ය‍ එදිරිවීර සරච්චන්ද්‍ර)
ගා‍ය‍න‍ය‍ - තිහාරි වික්‍ර‍මා‍රච්චි


[ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ
නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්ට අත්වැලක් වෙන්න]//

මහට දෙන්න ගුරු උප
දෙස්
වියෝ වෙතත් මා ඔබගෙන්
නිරන්තරව සිහියට එන
සමීපයෙන් ඉවත් නොවී
දුකටත් සැපටත් දෙකටම
නොහරින හිත මිතුරෙකු සේ

[ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ
නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්ට අත්වැලක් වෙන්න
]//



අතට වළලුද  

Posted by: Sinhala Noorthi in
31
Aug

නා‍ට්‍ය‍ය‍ - කදා වළලු (ම‍හා‍චා‍ර්‍ය‍ එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - යසෝධරා සරච්චන්ද්‍ර


අතට වළලුද පයට ගිගිරිද
ලා ගනී කිඳුරඟන සො
බනා//
වනේ සිඳඹුවො කඩා මල් පෙති
වරල සරසා ගනිති නිතිනා//
සඳුන් කුංකුම ගතේ තවරා
සුවඳ වේ අබිසාරික'ඟනා//
පියවි සුන්දර රූ සපුව වුව
ලකළ වේ ලූ සඳ පළ
ඳනා//
සදා ගන රන් සේ දිළෙන්නේ
කදා වළලුය ම විකුණන්නේ
නදා දෙන සිත සැම'ඟනන්ගේ
සෙදා ගෙන ඇයි නොපළ
ඳින්නේ//
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ




මතක සටහන්