මොරොට්ටු ගම්මන  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - පුරන්අප්පු ටීටර් නාට්‍යය (ඇල්. ඩී. ඒ. රත්නායක)
ගා‍ය‍න‍ය‍ - පු‍ණ්‍යසේ‍න‍ ගු‍ණ‍සිංහ

මොරොට්ටු ගම්මන සිරුට්
ටු උරමින
තොරොට්ටු වැඩ දත් පුරන් බාස් මම්
වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
වඩුවැඩ ලංකාවේ

මොරොට්ටු ගම්මන..

[බාල්ක රීප්ප හරියට තියලා
සිවිලිං තට්ටුව කැටයම් කරලා]//
සොඳ වැඩ සපනෙකි මම්
මේ කාලේ හැටියට
සොඳ වැඩ සපනෙකි මම්


මොරොට්ටු ගම්මන ..

[තේක්ක කරුවල කියතෙන් ඉරලා
අඟලට නූලට බොරදං ගාලා]//
සදතැකි අල්මාරී
මේ කාලේ හැටියට
සදතැකි අල්මාරී

මොරොට්ටු ගම්මන ..

[නූල්ද ඇද මාදැල්ද ගොතාලා
වාරකනට දැල් පස්සට ඇදලා]//
අන්නැව් රාළෙකි මම්

මේ කාලේ හැටියල
අන්නැව් රාළෙකි මම්

This entry was posted on Tuesday, February 09, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්