සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත (ඉයුජීන් පෙරේරා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසුවෙන තුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිනේ//

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ..

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
රට ලබු වම්බටු කරපිංචද
සේරද විලුණන්නෙය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම....
සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ



This entry was posted on Friday, December 25, 2009 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්