දී‍කි‍රි‍ දී‍කි‍රි  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - ර‍තු‍ හැ‍ට්‍ට‍කා‍රී‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල

දී‍කි‍රී...
[දී‍කි‍රි‍ දී‍කි‍රි‍ ගෙනාව දීකිරි
මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට නිවලා ගාත් කිරි
නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
පනමට ලාබායි මන් දෙන මේ කිරි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

කිරි විකුනාලා කාසි හොයාන්නායි
අනාගතේ මාළීගා තනාන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
පනමේ කිරි ගෙන පිහිටාක් දෙන්නයි
මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට හින්ඳාගාත් කිරි
නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
පනමට ලාබායි මන් දෙන මේ කිරි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..


This entry was posted on Friday, December 25, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

3 comments

මෙය ඉතා මහන්සියෙන් කැපවීමෙන් සිදුකර ඇති කාර්යයකි
වටිනා කාලය වැය කර සිදුකර ඇති මෙම කාර්යය ඉතා කෘතඥපුර්වකව අගය කරමි
තව තව මෙනැි කාර්යයන් කිරීමට හැකියාව උනන්දුව ලැබේවායි පතමි

Post a Comment

මතක සටහන්