සත් සියක් කපු මල්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය - මානෙල් ජයසේන

සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිතේ////

සත් සියක් කපු මල්..

සත් සියක් රත්මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ////

සත් සියක් රත්මල්

සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ඳන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගන්වු කුමරුන් ලඟ එතේ////

සත් සියක් මායා බෙලෙන්..

This entry was posted on Friday, December 25, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්