උත්තම වන් ලොව පතලා  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ජොහානා නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//

ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර
ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර
පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ

දක්ෂ විකුම් අප්රමාණා.....ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා....
රක්ෂණයෙන් මුලු දෙරණා....පීතරිස්ස ලෙසින් නස්න කරනා

ගත්ත කගෙන් පරසත් වනසන්නට
දුෂ්ට දනන් සැම භංග කරන්නට...//

පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ

පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ....//

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//






This entry was posted on Friday, December 25, 2009 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

4 comments

ඉතාමත්ම ඉහලින් අගය කරමි ඔබගේ මෙම ව්‍යායාමය.අනර්ඝත්වය කියා නිම කල නොහැකිය.සුබ පතමි අනාගතයට..!

ඉතා හොඳ වැඩක්. අගය කරනවා බෙහෙවින්ම.

අදයි මේ පැත්තේ ආවේ පට්ට නියමයි මචෝ වැඩේ.. සින්දුත් හොඳ කොලිටි ඇත්තටම නියමයි

Sinduwa ahanna ona ayata

https://www.youtube.com/watch?v=UfomX3d0tzw

Post a Comment

මතක සටහන්