අම්මේ නුඹේ මාලිගාවෙ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍- අපට පුතේ මගක් නැතේ (1968) (හෙන්රි ජයසේන)
ගායනය - විජේරත්න වරකාගොඩ,නිමල් ජයසිංහ


අම්මේ උඹේ මාලිගාවෙ

මං වට සැදු මාලිගාවෙ
සඳුන් සිහින මාලිගාවෙ
සුන්දර මොනවද තියෙන්නෙ

පුතේ මගේ මාලිගාවෙ
උඹයි කිරුළු පළඳින්නේ
සිංහාසන මස්තකයේ
පුතේ නුඹයි වැඩ ඉන්නේ

අම්මේ උඹේ මාලිගාවෙ
මං තනිවුන මාලිගාවෙ
ඔටුනු පැළැඳ සිහසුන මත
මොනවද මං කලයුත්තේ

පුත නුඹ මගෙ මාලිගාවෙ
සිංහාසනයේ වැඩ ඉඳ
මේ රට රජ කරනවාය
මං දුර සිට බලනවාය

නුඹ බිහිවුන දා ලෝකෙට
මගේ සිතේ සන්තෝසය
මගෙ මැදුරේ දොරටුව ලඟ
සිනා සිසී සිටිනවාය

නුඹ බිහිකල වේදනාව
මගෙ මැදුරේ පෑල දොරින්
අලුයම් වෙන්නටත් කලින්
හොර රහසෙම පැනගියාය

කිරිකැටි වයසේ පුතුනේ
නුඹේ මුවග ටිකිරි සිනා
මැදුරට කවුළුවෙන් ගලන
හිරු රැස් මට තිබෙනවාය

නුඹ වයසින් මෝරන කොට
නැති බැරිකම් නිසා පුතේ
මගෙ දෙනෙතින් ගැලූ කඳුළු
මැදුරෙන් මම පිටකලාය

මැදුරේ පාලුවක් ඇතේ
උඹ නැති පාලුවයි පුතේ
මං මගෙ නිදි පැදුරේ සිට
[එය යහතින් රකිනවාය
උඹ එනතුරු සිටිනවාය]///



This entry was posted on Friday, December 25, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්